Wednesday, February 19, 2025

General line - 0115112241

දකුණු කොරියාව පෙර නොවූ විරූ දරුණු අර්බුදයක



දකුණු කොරියාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ඩිජිටල් ලිංගික අපරාධ අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

ඒ, අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ සහ ඡායාරූප දෛනිකව විශාල වශයෙන් නිර්මාණය වීම සහ ඒවා සංසරණය වීමයි. 

මෙම වීඩියෝ නිර්මාණය කර ඇත්තේ එරට තරුණ කණ්ඩායම් විසින්.

එම නිර්මාණවල වින්දිතයින් බවට පත්ව ඇත්තේ පාසල් වයසේ පසුවන දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දරුවන් පමණක් නොව ගුරුවරුන්ද මෙම අර්බුදයේ වින්දිතයින් වී තිබෙනවා.

පාසල් දරු දැරියන්ගේ හා තරුණ තරුණියන්ගේ ඡායාරූප යොදා ගනිමින් ඒවායේ මුහුණු කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වෙනත් වීඩියෝවල සිටින පුද්ගලයින්ගේ මුහුණු වෙනුවට ආදේශ කර මෙම වීඩියෝ නිර්මාණය කර තිබෙනවා.

පසුව මෙම වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය කණ්ඩායම් හරහා බෙදා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මෙම වීඩියෝ සහ ඡායාරූපවලට ඇතුළත් බාල වයස්කරුවන් පවා අදාළ නිර්මාණ සඳහා තමාගේ මුහුණ යොදාගෙන ඇතැයි දැනගන්නේ ඒවා ඔවුන්ගේ සමීපතමයින්ට ලැබීමෙන් පසුව බවද අනාවරණ වී තිබෙනවා. 

මේ වන විට දකුණු කොරියාවේ පාසල් රැසක් මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි එරට වාර්තාවල සඳහන්. 

පවතින අර්බුදය උත්සන්න වීම හේතුවෙන් ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මෙම වසංගතය වහාම ක්‍රියාත්මක වන පරිදි මැඩපවත්වන ලෙසයි.