ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ගාසා තිරයේ දරුවන්ට පෝලියෝ රෝගය සඳහා ලබා දෙන එන්නත් ලබා දීම සඳහා එම සටන් විරාමය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව ගාසා තීරයේ ළමුන් හය ලක්ෂ 40,000ක් සඳහා එම එන්නත් ලබා දීමට නියමිතව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ එම සටන් විරාමය සැප්තැම්බර් 01 වන දින ආරම්භ වන බැවින් එදිනම එන්නත් ලබා දීම සිදු කරන බවයි.
පළමු වටයෙන් සති හතරකට පසු දෙවන වටයේ එන්නත් ලබා දීමද අවශ්‍ය වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ.
එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය සහ ප්‍රජා සත්කාරක නිලධාරීන් 2,000කට අධික පිරිසක් පුහුණු කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.