Sunday, October 6, 2024

General line - 0115112241

යාගී සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 127ක් දක්වා ඉහළට




වියට්නාමයට බලපෑ යාගී සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 127ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 54 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

යාගී සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාපතනය නායයෑම් සහ ගංවතුර හේතුවෙන් තවත් විශාල පිරිසක් අවතැන්ව සිටින බව එම වාර්තාවල සඳහන්.

ඇතැම් ප්‍රදේශවල ජනතාව සිය නිවාසවල වහල මත නැගී උපකාර ඉල්ලා සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටද සමාජ මාධ්‍යවල ප්‍රචාරය වනවා.

පැයට කිලෝමීටර් 200කට අධික වේගයෙන් වියට්නාමයට කඩා වැදුණු යාගී සුළි කුණාටුව හේතුවෙන් උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් ද කඩා වැටී තිබෙනවා.

එම සුළි කුණාටුව වසර 30කට පසු වියට්නාමයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම එය මෙම වසරේ මේ දක්වා කාලය තුළ ආසියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.