Monday, May 20, 2024

General line - 0115112241

Visa කාර්යාලයේ කළමණාකරු ලෙස ඇන්ටන් වොට්සන් පත්කරයි




ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන Visa ශ්‍රී ලංකා කාර්යාලය 2016 වසරේ අගෝස්තු මස 25 වන දින ආරම්භ කරමින් එහි ශ්‍රී ලංකාව වෙනුවෙන් කළමනාකරු ලෙස ඇන්ටන් වොට්සන් මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ Visa කාර්යාලය පිහිටුවීම හා වොට්සන් මහතාගේ පත්වීම තුළ ආසියානු කලාපයේ මූල්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට හා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් කටයුතු පුළුල් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදීමට Visa බලාපොරොත්තු වනවා.

Visa ආසියානූ කලාපයේ සමූහ විධායක ක්‍රිස් ක්ලාක් මහතා මේ පිළිබඳව පවසා සිටියේ නව තාක්ෂණයේ දියුණුව හා නව්‍යතාවය තුලින් ගෙවීම් ක්ෂේත්‍රයේ කටයුතු ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන බවයි.

මෙම වෙනස් වීම තුල ලොව පුරා තිබෙන වාණිජ ආයතන , වෙළඳ ආයතන රජයන් , ව්‍යවසායකයින් මෙන්ම නිර්මාණකරුවන් සමග සම්බන්ධවී අනාගත වාණිජ අත්දැකීම් නිර්මාණය කිරීමට Visa සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

දැනටමත් ශ්‍රී ලාංකික ගණුදෙනුකරුවන් හා හවුල්කරුවන් සමග දිගුකාලීනව පවත්වාගෙන යන සම්බන්ධතාවය ඉතා අගය කරන බවත් , ඉදිරියේදී ශ්‍රී ලංකාවට නව්‍යතාවයන් හඳුන්වා දීමටද බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

IMG-20160825-WA0008 IMG-20160825-WA0012