Tuesday, February 11, 2025

General line - 0115112241

ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ට රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් නොමිලේ




2024 ලෝක ළමා දිනය දා උපත ලැබූ සියලුම දරුවන්ගේ මව්පියන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් නොමිලයේ ලබා දී තිබෙනවා.

ඒ, රක්ෂණයේ වැදගත්කම සියලු දෙනාටම පසක් කර දෙමින්.

සියලුම රෝහල් ආවරණය වන පරිදි දීප ව්‍යාප්තව මෙය ක්‍රියාවට නංවා තිබීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසරේදීද මෙම විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහන අඛණ්ඩව සිදු කරන්නේ තුන් වන වරටයි.