Tuesday, February 11, 2025

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අද




නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය දක්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද දිනයේද පෙරවරු 09.00 සිට   රාත්‍රී 09.00 දක්වා පාඨක ජනතාවට පොත් මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථාන භූමියේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වූයේ පසුගිය 27 වනදායි.

25 වන වරටත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කළ එම ප්‍රදර්ශනයට නෙත් එෆ් එම් රේඩියෝව මෙවර ද මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා.


මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පැමිණෙන ඔබට, දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාවක් උදා කර දී තිබෙනවා.

ඒ අනුව ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් කුටියට පැමිණ එහි ස්ථාපිත පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමෙන් ඔබටද මෙම මහඟු අවස්ථාවට සම්බන්ධ විය හැකියි.