Sunday, December 8, 2024

General line - 0115112241

කැනේඩියානු අගමැතිට ගෙදර යන්න වෙන ලකුනු




කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට පාලක පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති බවයි.

ඉන්දියාව සමග ඇති කර ගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය හේතුවෙන් ඔහුට රට තුළින් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයෙන් ද විරෝධතා රැසක් එල්ල වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි සඳහන්.

ඇතැම් නිල නොවන වාර්තා පවසන්නේ එම මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට ඔක්තෝම්බර 28 වනදා දක්වා කල් ලබා දී ඇති බවයි.

ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති අතර අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්  පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති බවත් ඔවුන් එය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වනවා.