Tuesday, December 3, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදා වැටලීමකදී ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට




උතුරු ලෙබනනයේ බෙට්රුන් ප්‍රදේශයේ වැටලීමකදී ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා ක්‍රියාකාරිකයෙකු අල්ලා ගත් බව ඊශ්‍රායලය පවසා තිබෙනවා.  

ඔහු ප්‍රධාන හිස්බුල්ලා සටන් කිහිපයකට නායකත්වය දී ඇති බවට සඳහන්.  

නාවික හමුදා වැටලීමකදී විශේෂ බලකායක් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ඔහු බෝට්ටුවකින් පලා යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත බවයි වාර්තා වන්නේ.

හඳුනා නොගත් හමුදා බලකායක් ඔහු සිටි ගොඩනැගිල්ල වටලා ඇති බවට විදෙස් මාධ්‍යද අනාවරණය කර තිබෙනවා.

මෙම වැටලීම ලෙබනන් බලධාරීන්ගේ කෝපයට හේතු වී ඇති අතර, අගමැති නජීබ් මිකාටිගේ කාර්යාලය පැවසුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස විදේශ අමාත්‍යාංශයට උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සිදු වී ඇත්තේ  හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල නාවික හමුදා ඒකකයක් සිටින ඊශ්‍රායලයේ උතුරු මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටි නාවික කඳවුරක් ඉලක්ක කළ බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි.