Tuesday, December 3, 2024

General line - 0115112241

මහමැතිවරණයට දින දෙකක් පාසල් වැසේ




ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ලබන 13 සහ 14 දෙදින පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන සඳුදා බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

මහමැතිවරණය ලබන 14වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ලබන 12වනදා පාසල් වේලාවෙන් පසුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතු වනවා.

මේ අතර, 2024 මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන් වනවා.

ඒ අනුව පසුගිය දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.

අද දිනයෙන් පසු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නැවත අවස්ථාවක් නොදෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.