Thursday, December 5, 2024

General line - 0115112241

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




මහ මැතිවරණය පැවැත්වෙන ලබන 14 වනදා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වැඩබලන කොමසාරිස් ජනරාල් එම් එස් පී සූරියප්පෙරුම මහතා පැවසුවේ සිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින මැතිවරණ රාජකාරිවල නිරතවීම හේතුවෙන් එම පියවර ගත් බවයි. 

මේ අතර සහතික පත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා කවුලු හා මාර්ගගත සේවය ලබන 14 වනදා ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එදින මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල යෙදවීම හේතුවෙන් එදිනට මෙම සේවා ක්‍රියාත්මක නොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.