Thursday, December 5, 2024

General line - 0115112241

35ක් බිලි ගත් මෝටර් රථ රියදුරෙකු චීනය හඬවයි




මෝටර් රථයක් ක්‍රීඩාංගණයක් තුළට ධාවනය කරවීමෙන් සිදු කළ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු චීනයේ සිදුවූ මෙම මෝටර් රථ අනතුර දශක ගනනාවක් තුළ රට තුළ සිදු වූ දරුණුතම මහජන ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙසයි සැලකෙන්නේ.

ක්‍රීඩාංගනයට සිය මෝටර් රථය ඇතුළු කර ඇති පුද්ගලයෙකු ධාවන පථයේ ව්‍යායාම කරමින් සිටි පුද්ගලයින් යට කර ධාවනය කර තිබුණා.

ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 45කට අධිකයි.

ඔවුන් අතර වැඩිහිටියන් සහ ළමුන් ද සිටින බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මෙම අනතුරු සිදු කර ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු දික්කසාද සමථයකට පත් වීම පිළිබඳ කනස්සල්ලෙන් පසුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෝටර් රථ අනතුර සිදු කර ක්‍රීඩා මධ්‍යස්ථානයෙන් පලා යාමට තැත් කිරීමේදී සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු විසින්ම සිය ගෙලට සහ ශරීර කොටස්වලට තියුණු ආයුධයකින් තුවාල සිදුකරගෙන තිබූ බවයි. 

මෙම සිදුවීම චීනයේ දැඩි මහජන විරෝධයක් දක්වා දිග්ගැස්සී ඇති අතර ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි.