Friday, January 17, 2025

General line - 0115112241

හිරුණිකා ඇප බඳියි




දෙමටගොඩ ප‍්‍රදේශයේදී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ති‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අද (29) ඇයගේ ඇප කොන්දේසි සම්පූර්ණ කළා.

ඒ, ඉකුත් සැප්තැම්බර් 21 වන දින මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරිය ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි.

එහිදී එක් අයෙකු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

2015 වර්ෂයේ සැප්තැම්බර් 21 වනදා සිදුවූ මෙම සිද්ධියට අදාළව චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තිබෙනවා.