Tuesday, May 21, 2024

General line - 0115112241

පැරිස් සම්මුතිය ඉන්දියාවත් ක්‍රියාවට නංවයි




මිහිතලය උණුසුම්වීමට හේතුවන හරිතාගාර වායු නික්මීම සීමා කිරීම සඳහා ඇතිකරගත් පැරිස් කාලගුණ සම්මුතිය ඉන්දියාව අද (02) සිට ක්‍රියාවට නංවනවා.

ඒ, අදට යෙදී ඇති මහත්මා ගාන්ධි තුමන්ගේ ජන්ම දින සැමරුමට සමගාමීවයි.

නරේන්ද්‍ර මෝදි රජයේ අනුමැතිය ලද ගිවිසුමට ඉන්දීය ජනාධිපති අනුමැතිය ලැබීමෙන් පසු එය ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබුණා.

පසුගිය වසරේ දෙසැම්බරයේදී ලොව රටවල් 185 ක් විසින් පැරිස් කාලගුණ සම්මුතිය ඇති කරගත් අතර,  දැනට ඊට එක්වී සිටින රටවල් සංඛ්‍යාව 191ක්.