Friday, April 19, 2024

General line - 0115112241

තවත් දඩයක් ගැන රජයට යෝජනාවක්




මාර්ග නීති කඩකරන පුද්ගලයින්ගේ දඩ මුදල ඉහළ නැංවුවා සේම පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහි දඩ මුදල්ද ඉහළ නංවන්නැයි පරිසර සංවිධාන රජයෙන් ඉල්ලීමක් කරනවා.

ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සාමාජික පූජ්‍ය වෑකදවල රාහුල හිමියන් පැවසුවේ පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මේ වනවිට පවතින්නේ ඉතා දුර්වල මට්ටමක බවයි.

පරිසරය අනාගත පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරිමට නම් පරිසරය වනසන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණක් බවයි උන්වහන්සේ සදහන් කළේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පරිසර වෘත්තිකයින්ගේ සංගමයේ සාමාජික, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යාව පිළිබද මහාචාර්ය හේමන්ති රණතුංගගෙන්ද විමසීමක් කළා. ඇය කියාසිටියේ පරිසරයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා ප‍්‍රමාණවත් නොවන බවයි.

පරිසරය ආරක්‍ෂා කිරීමට ලෝකයේ වෙනත් රටවල කි‍්‍රයාත්මක නීති ශී‍්‍ර ලංකාවේද කි‍්‍රයාත්මක කිරීම වඩාත් යෝග්‍ය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.