හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා තම මිත්තණිය නමින් මිලදී ගෙන ඇතැයි කියන රත්මලානේ ප‍්‍රදේශයේ පිහිටි නිවසක් අන්සතු කිරීම වළක්වමින් අද (15) තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඔගස්ට‍්‍රා අතපත්තු මහත්මිය විසින්.
එහිදී මහේස්ත‍්‍රාත්වරිය නුගේගොඩ ඉඩම් රෙජිස්ට‍්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
මෙම නිවස සහ ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 24ක් පමණ වන බවටයි සැලකෙන්නේ.