Tuesday, May 21, 2024

General line - 0115112241

අගමැතිගේ ආරක්ෂක රථයක් තවත් රථයක මුහුණට මුහුණ ගැටෙයි - 05ක් රෝහලේ

ජූඩ් සමන්ත




අගමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි මාරවිල පොලීසිය සඳහන් කරන්නේ.

ඊයේ  (05) රාත්‍රි 10.00 ට පමණ හලාවත - කොළඹ මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අගමැති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල් (20332) අමිල සම්පත් සහ ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි බව කියන නව නුවර පාර, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් කසුන් විශ්මිත මධුෂාන් (අවු:20), එල්.ආර්.විශ්ව (අවු:21), එල්.ආර්.ඉෂාන් විශ්මිත (අවු:17) සහ එල්.ආර්.සමීර (අවු:28) යන අය වනවා.

තුවාලකරුවන් මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පුත්තලමේ පැවති අගමැතිවරයාගේ ජන රැළියක ආරක්ෂාවට පැමිණි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් ඩිෆේන්ඩර් රථයේ ගමන් කරමින් සිට තිබූ බවයි වාර්තා වී ඇත්තේ.

(මෙම අනතුරේ ඡායාරූප මෙතැනින් බලන්න )