Wednesday, May 22, 2024

General line - 0115112241

කැබ්නට්  සංශෝධනයෙන් පසු අද මුල්වරට කැබිනට් මණ්ඩල රැස්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




කැබ්නට් මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට අද (27) කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණා. 

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. කැබිනට් මණ්ඩලයට අලූතින් එක්වූ අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ද අද (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට එක්ව සිටියා.
 
මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු පවත්වන කැබිනට් තීරණ දැනුම් දීමේ පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව හෙට (28) පැවැත්වෙනවා. 

ඒ සඳහා සහභාගී වන පිරිස ඇතුළත්ව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නම ඇතුළත්ව නැහැ. ඔහු ඉකුත් සති දෙකේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡා සඳහා ද සහභාගී වූයේ නැහැ.