Tuesday, May 21, 2024

General line - 0115112241

ඉදිරි පැය 24ත් වැසි




අද (27) පස්වරුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි ඇද හැලූණා. පවතින වැසි සහිත කාලගුණික තත්වයත් සමග කොළඹ ප‍්‍රදේශ කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් ද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉදිරි පැය 24ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇද හැලිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එම අවස්ථාවේ දී තද සුළං ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.