Wednesday, May 22, 2024

General line - 0115112241

අමාත්‍ය රංගෙ බණ්ඩාරගේ කලකිරිම ගැන සාකච්ඡා අරඹයි




අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ද අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳ අද (27) අදහස් පළ කළා. 

ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුවයි. විශ්වාසයක් නොමැති අය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි. එය පක්ෂයේ අභ්‍යන්තර ගැටළුවක් බවත් අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් යම් කලකිරිමක් ඇති බව පෙනී යන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විසඳීමකට පැමිණිමට වග බලා ගන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගනමින් තවදුරටත් කටයුතු කරන බවයි.