Wednesday, May 22, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල සේවකයින් 16000ක් අඛණ්ඩ වර්ජනයේ

සජිත් තිලකරත්න




විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් දහසය දහසක් අද (28) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින්. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ පැවසුවේ, "හිටපු අමාත්‍යවරයා සමග එකඟතාවයක් තිබුණ. ඒව කඩල තියෙනව. ඒ සඳහා සංඛේත වැඩවර්ජන කිහිපයක් කළා. පලක් වුණේ නැහැ. ඒ නිසා විසඳුමක් ලැබෙනතෙක් මෙම වර්ජනයේ නිරතවනවා." යනුවෙනි.

දිවයිනේ සියළුම විශ්ව විද්‍යාලවල මෙම වර්ජනය කි‍්‍රයාත්මක බවත් මේ හේතුවෙන් විශ්ව විද්‍යාලවල කටයුතු බිද වැටෙනු ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.