Wednesday, May 22, 2024

General line - 0115112241

අදත් තද වැසි




දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (28) දිනයේද මිලිමීටර සියය ඉක්ම වූ තද වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැලඹිලි ස්වභාවය හේතුවෙන්.

ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව යන පළාත්වලටත් ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවලටත් මෙලෙස තද වැසි ඇදහැලෙනු ඇති. දිවයින වටා මුහුදු ප‍්‍රදේශයද ක්‍ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් ඇති බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වියයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.