Wednesday, May 22, 2024

General line - 0115112241

අදත් ගුවන් ගමන් 4ක් ප්‍රමාදයි

සජිත් තිලකරත්න




ගුවන් ගමන් 4 ක් අද (28) දිනයේද අවලංගු කර ඇතැයි ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය පවසනවා. කොළඹ සිට සීෂෙල්ස් දක්වා පියාසර කරන යූ එල් 707 සහ සීෂෙල්ස් සිට කොළඹ දක්වා පියාසර කරන යූ එල් 708 ද ඒ අතරට අයත්. කොළඹ සිට මුම්බායි බලා පියාසර කරන යූ එල් 143  සහ මුම්බායි සිට කොළඹ බලා පියාසර කරන යූ එල් 144 යන ගුවන් ගමන් මෙසේ අද දිනද අවලංගු කර ඇතැයි ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පැවසුවා.

දැන් දින කිහිපයකද ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් ප‍්‍රමාද වුණා. ඉන්දියාවේ කොචීන් ගුවන් තොටුපළ ආසන්නයේදි ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයක කුරුල්ලෙකු ගැටීමෙන් එම යානයට අනතුරක් සිදුවීම ඊට එක් හේතුවක්.