Wednesday, May 22, 2024

General line - 0115112241

මාතලේ නගරයේ දේශපාලන බලයෙන් ජාවාරමක්?

හේවා පී. කරුණාරත්න - මාතලේ




දේශපාලන බලය මත මැතිවරණ සමයේදී ආරම්භ වූ මාතලේ නගරයේ පදික වෙළදාම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ගැන මාතලේ නගරයේ බදු ගෙවන ව්‍යාපාරිකයින් විරෝධය පළ කරනවා. නගර සභාවට බදු ගෙවන ව්‍යාපාරිකයින්ට,  නගරවාසින් සහ පදිකයින්ට අවහිරවන අන්දමට මෙම පදික වෙළදාම පවත්වා ගෙන යාම හේතුවෙන් බදු ගෙවන ව්‍යාපාරිකයින්ගේ ආදායම් මාර්ග ඇහිරී ඇති බවඔවුන් චෝදනා කරනවා.
    

මෙම පදික වෙළදාම නිසා ඇතිවන වාහන තදබදය මාර්ග අනතුරුවලටද හේතුවි ඇත. මාතලේ ගොන්ගාවෙල මාර්ගය, රෝස විදිය වැනි මාර්ගවල පදික වේදිකා සම්පූර්ණයෙන්ම අවහිරවී ගොසින්ය. පදිකයෙන් වෙළදාම ඉවත් කිරිමේ අරමුණ ඇතිව මාතලේ දුම්රියපොල අසළ පදික වෙළෙදුන් සදහා වෙළද මධ්‍යස්ථානයක් ආරම්භ කළද එම ස්ථානය ප්‍රයෝජනයට නොගෙන පදිකයන්ට අවහිර කිරීම පදිකයින්ගේද විරෝධයට හේතුවී ඇත.
 

නගර සභාව සහ වෙළද සංගම් අතර ඇති ගිවිසුම මේ ආකාරයෙන් උල්ලංඝණය කිරීමට ඉඩ හැර තිබීම ගැන මාතලේ සුපිරි වෙළද සංගමයේ සභාපති සිරිල් ගොඩලියද්ද සිය අප්‍රසාදය පල කරනවා. මාතලේ නාගරික කොමසාරිස් අනුරි තිලකරත්නගෙන් කළ විමසීමකදි පැවසුවේ අනවසර පදික වෙළදාම ඉවත් කිරීමට කටයුතු කරන බවය