Wednesday, May 22, 2024

General line - 0115112241

විදේශයක සිටියත් රණවිරුවන් ගොදුරු කිරීමේ සැලැස්මක්! රණවිරු පිහිටට ජිනීවා යන්න හදන සරත් වීරසේකර කියයි

තරංග රුක්ෂාන් ජයසේකර/ පසන් ද සිල්වා




37 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ මෙරට රණවිරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමක් ජිනීවා නුවරට යාමට සූදානම් වනවා. එම කණ්ඩායමට සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළත්.  

මානව හිමිකම් සැසි වාරයේදී ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන්නේ මාර්තු 16 වනදායි. මෙවර එහි වැදගත්කම වන්නේ ශී‍්‍ර ලංකාව පිළිබදව වෙනම සාකච්ඡාවට ලක් කිරීම සදහා න්‍යාය පත‍්‍රයට ඇතුළත්ව තිබීමයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා මෙරට රණවිරුවන් ගොදුරු කර ගැනීමේ තවත් මෙහෙයුමක් මෙවර දියත් වී ඇති බවයි රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ.

ඔහු කියාසිටියේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ ප‍්‍රකාශවලින් එය තහවුරු වන බවයි. 

මෙරට රණවිරුවන් විදේශ රටක සිටියදී වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ හරහා පහසුකම් සැලසෙනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.