Wednesday, May 22, 2024

General line - 0115112241

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

ඒ අදාළ නඩුව අද () කැඳවූ අවස්ථාවේදීයි. එසේම සෑම මසකම පළමුවන සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කර තිබූ නියෝගය ඉවත් කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පළා යාමට අනුබල දීමට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතවරයා මේ වනවිට ඇප මත නිදහස්ව  සිටිනවා.

විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පලා යාමට අනුබල දුන්  උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීමටද මහේස්ත‍්‍රාත්වරයා අද (28) නියෝග කළා. මෙම නඩුව ලබන ජූනි මස 20 වනදා යළි කැඳවීමට නියමිතයි.