Wednesday, May 22, 2024

General line - 0115112241

උතුරු කොරියාව ගැන තවත් අනාවරණයක්




උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (28) තවත්  මතභේදාත්මක අනාවරණයක් කළා. ඒ උතුරු කොරියාව, සිරියාව වෙත රසායනික අවි නිපදවිය හැකි උපකරණ ලබා දෙන බවටයි. ඉකුත් වසර 5තුලදී එවැනි උපකරණ අඩංගු නෞකා බහාලූම් 40ක් පමණ උතුරු කොරියාවෙන්, සිරියාව වෙත පිටත් වී ඇති බවයි එක්සත් ජාතින්ගේ සංවිධානය පැවසුවේ.

එසේම අවස්ථා කිහිපයකදීම උතුරු කොරියාවේ මිසයිල විශේෂඥයින් සිරියාව වෙත පිටත්ව ගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඔවුන් මෙම අනාවරණය කළේ සිරියාව තුළදි එල්ල වන රසායනික ප‍්‍රහාරයන් හේතුවෙන් කුඩා ළමයින් ඇතුළු පුද්ගලයින් රැසක් දිගින් දිගටම ජීවිතක්ෂයට පත්වෙමින් ඇති පසුබිමකයි.

එම ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් සිරියානු රජය වගකිව යුතු බවට පාර්ශව රැසක් ප‍්‍රකාශ කර තිබෙනවා.