Tuesday, May 21, 2024

General line - 0115112241

මැදින් පුර පසලොස්වක පොහොය අද

ඩිල්ෂාන් මඩවල




මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබෙනවා.

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහොය දිනයේදී සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

ඒ පිළිබඳ සිහිපත් කරන ශී‍්‍ර ලංකා භික්ෂු විද්‍යාලයේ සමාජයීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශයේ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය වවුනියාවේ පඤ්ඤාසේකර හිමියන් පෙන්වා දුන්නේ "බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැදකින්නට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අදවගේ දවසකයි. ශාක්‍යන්ගේ මානය බිඳ දැමීම, සුද්ධෝදන පියරජතුමා තෙවන වරට සිය පුතුට වන්දනා කිරීම, සුද්ධෝදන රජතුමා මාර්ගඵල ලාභී වී යශෝධරාවගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවැදි කිරීම වැනි වටිනා කාර්යයන් කිහිපයක්ම සිද්ධ වූ උතුම් පොහෝ දිනයක් හැටියටයි මේ පොහොය සැළකෙන්නේ." යනුවෙනි.

බුද්ධ චරිතයේ මෙම වැදගත් සිදුවීම් සිහිපත් කරමින් අද දාන, ශීල හා භාවනා ආදී පිංකම්වල යෙදෙන්නැයි බෞද්ධ සැදැහැවතුන්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.