Wednesday, May 22, 2024

General line - 0115112241

අගමැති සහ මහ බැංකු අධිපති සිංගප්පූරුවට යයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව යනවා. 

ඒ, කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධාන කරන ‘‘ඉන්වෙස්ට් ශී‍්‍ර ලංකා’’ සමුළුවට සහභාගී වීම සඳහායි.  

සිංගප්පූරුවේ ප‍්‍රමුඛ පෙලේ හෝටලයකදී මෙම සමුළුව හෙට (02) පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවූ නව සබඳතා ඔස්සේ ශී‍්‍ර ලංකාවට වැඩි ප‍්‍රතිලාභ ලබා ගැනීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

ප‍්‍රමුඛ පෙළේ කලාපීය ආයෝජකයින් රැසක් ද ඊට සහභාගී වීමට නියමිතව තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා සමග මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද මෙම සංචාරයට එක්වනු ඇති.