Tuesday, May 21, 2024

General line - 0115112241

උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව ගැන නීතිවේදීන්ගේ මතය

ඩිල්ෂාන් මඩවල




යුද සමයේදී ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවන්නැයි ඉල්ලා සිටීමට උතුරු පළාත් සභාව ඉකුත් දා සම්මත කරගත් යෝජනාව නෛතික වශයෙන් වලංගු නොවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.

අදාළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කිරිමටයි මෙම යෝජනාවෙන් නිර්දේශ කර ඇත්තේ.

එහෙත්, එවැනි ඉල්ලීම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හෝ පිළිනොගන්නා බවයි  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පෙන්වා දුන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිවේදී මේනක හරන්කහගෙන්ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "පළාත් සභාවක් තුළ මෙවැනි ආකාරයේ යෝජනාවක් සම්මත කර ගැනීම තුළින් ඔවුන් පෙන්වීමට උත්සහ කරන්නේ අදාළ කරුණ සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති දේශපාලනික උනන්දුව සහ අවධානය පිළිබඳවයි. එයට නීතිමය වශයෙන් වලංගු භාවයක් නැහැ." යනුවෙනි.