ඉන්දියාවේ තිරුපති කෝවිලේ දින දෙකක වන්දනා කටයුතු සඳහා සහභාගී වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණියා.
අදාළ කටයුතු නිමවා හිටපු ජනාධිපතිවරයා සහ පිරිස ඊයේ (28) දින රාත්‍රී 10.30 ට පමණ ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.