පිටකොටුව මල්වත්ත මාර්ගයේ පදික වෙළඳුන් ඉවත් කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
පදික වෙළඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පිටකොටුව මල්වත්ත මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එහි පදික වෙළඳුන්ට ඉවත් වන ලෙසට කොළඹ නාගරික කොමසාරිස්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබුණා.
ඒ පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මේ බව කියා සිටියා.