ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු මට්ටක්කකුලිය ප‍්‍රදේශයේදී අද (01) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එ්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ වැටලීමකදීයි.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගැණුනු හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 503 යි මිලිග‍්‍රෑම් 160ක්. සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා කලක පටන් හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.