Wednesday, May 22, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රනුත් නෑ සිතාසියත් නෑ

හේමන්ත කහවලගේ




කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් සිංගප්පූරුවේ වෙසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත ඉකුත්දා සිතාසියක් යොමු කළා. 

එ්, බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසටයි.

කූරියර් සේවාවක් හරහා මෙම සිතාසිය යොමුකර තිබුණා.

අර්ජුන් මහේන්ද්‍රන් එ් වන විට සිංගප්පූරුවේ අදාළ ලිපිනය සඳහන් ස්ථානයේ සිට නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ කූරියර් සමාගම විසින් එම සිතාසිය යළි පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි කියා සිටියා.

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු පර්පර්චුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරීන් කසුන් පලිසේන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.