Tuesday, May 21, 2024

General line - 0115112241

ජනපති අතින් කොමසාරිස්වරු පත්වීම් ලිපි ගනී




අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා පත්කෙරුණු කොමසාරිස්වරුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (28) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණා.

පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කරන ලද අතර කොමසාරිස්වරුන් පත්කිරීමත් සමගම මෙම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලා ඔවුන්ගේ තත්ත්වය නීර්ණය කිරීම අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැවරෙන වගකීම වෙයි.

ශ්‍රී ලංකාව විසින් දේශීය වශයෙන් නිර්මාණය කොට ක්‍රියාත්මක කරන සංහිඳියා යාන්ත්‍රණයන් හෙවත් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන්හි පළමු පියවර මෙය වනවා.

(එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි)