Tuesday, May 21, 2024

General line - 0115112241

ගින්න තවත් පැතිරේ - නිවන්න කිසිවෙක් නෑ (PHOTOS)

ජයන්ත වීරසේකර




වැල්ලවාය ආනපල්ලම තුනේ කනුව කුරුමිනියාගල කදු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ හටගත් ගින්න අද (01) දහවල් වන විටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම ගින්න ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන කාලය පුරාවටම රක්ෂිතය පුරා ව්‍යාප්ත වෙමින් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර පන්සීයකට වඩා විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

ශාකවර්ග රැසක් මෙන්ම සතුන් වර්ග රැසක්ම ගින්න නිසා විනාශ වෙමින් ඇති බවත් සඳහන් කරනවා.

අද උදෑසන වන විටත් කිසිදු පාර්ශ්වයක් ගින්න මැඩ පැවැත්වීමට පැමිණ නැති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.