Wednesday, May 22, 2024

General line - 0115112241

ත්‍රී 'මලේ පුංචි ආණ්ඩුබලේ ගන්න හැටි එජාපය කියයි

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රක්කයේ බලය ලබා ගත හැකි පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට කටයුතු කරන බව ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් ශාන්ත රණවීර පවසනවා. පසුගිය දා පැවති ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන්ගේ හමුවේදී පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ද ඒ සඳහා උපදෙස් ලබා දුන් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවේ සහ තඹලගමුව ප‍්‍රාදේශීය සභාවේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලැබී නොමැති බව ද එක්සත් ජාතික පක්ෂ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. 

කසේ වෙතත් මෙම පක්ෂ දෙක සන්ධානගතව බලය ලබාගත හැක්කේ සේරුවිල ප්‍රාදේශී සභාවේ බලය පමණක් බවද පෙනී යනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතන 12ක් වනවා.