Saturday, June 10, 2023

General line - 0115112241

ස්වාධීන පක්‍ෂ 11 නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක්




ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්‍ෂ 11 නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද එහිදී සාකච්ඡා කරන බවයි එම පක්‍ෂ 11 සාමාජික, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ.

පක්‍ෂ 11 හේ නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පස්වරු 5 යි 30 ටයි.
මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ විසින් ඉකුත්දා අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ පිටපත නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.