Published
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ නවතම තත්ත්වයන් පිළිබඳ ඉරාන තානාපතිවරයා එහදී තමන් දැනුවත් කළ බවයි අමාත්‍ය විජිත හේරත් මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.
ඉරානය හා ඊශ්‍රායලය අතර ඇත.ි කරගත් සටන් විරාමය සම්බන්ධයෙන්ද එහිදී අවධානයට යොමුව තිබෙනවා.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම එම සාකච්ඡාවේදී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බවද අමාත්‍ය විජිත හේරත් මහතා නිකුත් කළ එක්ස් පණිවිඩයේ සඳහන්.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ඉරාන තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.