විපක්ෂ නායක ධුරය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා.

ඒ අනුව, පළමුව හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පිවිසීමට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ අවස්ථාව සැලසිය යුතු බවටද ඇතැමුන් ප්‍රකාශ කරනවා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර පවතින මිත්‍රශීලිභාවය පළුදු කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයෙන් එලෙස අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.

එමෙන්ම වෙනත් පක්ෂයකින් පැමිණෙන මන්ත්‍රීවරයෙකුගේ තීන්දු තීරණ මත ඉදිරි කටයුතු කිරීමට සමගි ජන බලවේගය කිසිවිටෙකත් සූදානම් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.