Pramitha Sangith

මාලිංග සොයන වේග පන්දු ක්‍රීඩකයින්

හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සංකල්පයක් අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම වේගපන්දු යැවීමට සමත් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පළමු අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (14) පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8යි තත්පර 30 කාලයක් ඇතුළත නිමා කළ ක්‍රීඩකයින් පස්වරුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දු යැවීමට යොමු කරන බවයි ලසිත් මාලිංග පැවසුවේ. Neth News මාලිංග සොයන වේග පන්දු ක්‍රීඩකයින්

කාර්ග් දූපතට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම්

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය ලෙස සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබෙනවා. අමෙරිකාව පවසන්නේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි මෙම දූපත සැතපුම් 5ක පමණ දිගකින් යුක්ත වනවා. ඉරානයේ ‘ඛනිජ තෙල් ජීවනාලිය’ ලෙස හැඳින්වෙන කාර්ග් දූපත, එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසද කාර්ග් දූපතට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම්

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායම 2026 වාරයට නිල ජර්සිය එළිදක්වයි

කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීමේ උත්සවය මාර්තු 12 වන දින ආර්. අයි. ටී. අලස් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. ලබන වසරේ විද්‍යාලයේ අභිමානවත් 60 වන සංවත්සරයට සමගාමීවත් Donz ‘ රග්බි හි 50 වන සංවත්සරයට සමගාමීවත් ඉදිරි රග්බි වාරය සඳහා කණ්ඩායම් සූදානමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විද්‍යාලයීය රග්බි කමිටුව විසින් සංවිධාන කරන ලද ඩී. එස්. සේනානායක විද්‍යාලයීය රග්බි කණ්ඩායම 2026 වාරයට නිල ජර්සිය එළිදක්වයි

ගිනි අවි සහ පතොරොම් සමග සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට

කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී ගිනි අවි සහ පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්, රයිෆල් පතොරොම් 02 ක් හා මැගසින් 01 ක්, මිලිමීටර් 7.62 ජීව පතොරොම් 50 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ගිනි අවි සහ පතොරොම් සමග සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට

උත්සවයේ සමයේ භාණ්ඩ මිල ගැන ආණ්ඩුවේ අවධානය

ඉදිරි උත්සව සමයේ පීඩාවකින් තොරව ජනතාවට ගත කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඒ අනුව භාණ්ඩ මිල ඉහල යාම උපරිම ලෙස සීමා කිරීමට මේ වනවිට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවද නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. Neth News · MAHINDA 01 මේ අතර උත්සවයේ සමයේ භාණ්ඩ මිල ගැන ආණ්ඩුවේ අවධානය

රිමාන්ඩ් කල කපිල චන්ද්‍රසේකරගෙන් මෝසමක්

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. මෙම මෝසම සම්බන්ධයෙන් වාචිකව විවෘත අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කියාසිටියේ අල්ලස් කොමිසම විසින් සිය සේවා දායකයාගේ ප්‍රකාශයක් රිමාන්ඩ් කල කපිල චන්ද්‍රසේකරගෙන් මෝසමක්

අලුත් අවුරුදු නැකත් සීට්ටුව සෑදීමේ කටයුතු ඇරඹේ

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු කියා සිටියේ ජෝතිෂ්‍යවේදීන් සමග ඒ පිලිබද සාකච්ඡා කරමින් ඇති බවයි. Neth News · NALINDA 01 මෙවර රාජ්‍ය හිසතෙල්ගෑමේ මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ දී සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. අලුත් අවුරුදු නැකත් සීට්ටුව සෑදීමේ කටයුතු ඇරඹේ

අධික උණුසුම නිසා වැඩිහිටියන් හා ළමුන් අවදානමක

දිවයින පුරා අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිහිටියන් සහ කුඩා ළමුන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. ඒ, මෙම කාලගුණික තත්ත්වය හමුවේ මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් පල කරමින්. Neth News · MET ATHULA 02 මෙම අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයට හේතුව කුමක්ද? Neth News · අධික උණුසුම නිසා වැඩිහිටියන් හා ළමුන් අවදානමක

ඉරානයට එරෙහිව අමෙරිකාව ගත් අලුත්ම තීරණය

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එලෙස තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය ඉරානයට එරෙහිව අමෙරිකාව ගත් අලුත්ම තීරණය