තේ, පොල්, රබර් සහ ඇඟලුම් යන ක්ෂේත්‍රවලට අමතරව ශ්‍රී ලංකාව දැන් තවත් අපනයන ක්ෂේත්‍රයක් කඩිනමින් දියුණු කළ යුතු බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ උප සභාපති චන්ද්‍රසේන මාලියද්ද මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අමෙරිකාව පැනවූ සියයට 20ක නව තීරුබදුවලට මුහුණ දීමේදී ඇඟලුම් කර්මාන්තය පවා තවත් වැඩිදියුණු කළ යුතු බවයි.

ලෝකය සමග තරඟ කිරීමට නම් අපනයන ක්ෂේත්‍රයේ අධික වියදම් පිරිවැය පාලනයට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ උප සභාපති චන්ද්‍රසේන මාලියද්ද මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.

එහි සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් අපගේ යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.