Published
කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව වෙළඳ වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
එළඹෙන නොවැම්බර් මාසයේදී සහල් හිඟයක් ඇති කිරීමට කවුරුන් හෝ උත්සහ කළොත් ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.




