‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා ජනතාව ලබාදුන් ආධාර විපතට පත් වූවන් වෙනුවෙන් බෙදා හැරීමේ තවත් විශේෂ කටයුත්තක් ලබන සිකුරාදා සිදු කෙරෙනවා.

ඒ, ආපදාවෙන් වැඩිම බලපෑම් එල්ල වූ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

මෙලෙස බෙදාහැරීම් සිදුවන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය තුළ ස්ථාපිත “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා ලබාදුන් භාණ්ඩයි.

බණ්ඩාරවෙල සිංහ සමාජයේ කලාපීය සභාපති හා බණ්ඩාරවෙල විධායකයින්ගේ සංගමයේ සභාපති මදුරංග මනෝරත්න මහතා පැවසුවේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කිරීමේ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදු වන බවයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන යටතේ ආධාර ලබාදීමේ තවත් අදියරක් ඊයේ ක්‍රියාත්මක වුණා. ඒ නුවරඑළිය, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීයි.

“දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා තවදුරටත් ඔබට දායකත්වය ලබාදිය හැකියි.

ඒ අනුව කොල්ලුපිටිය සහ බම්බලපිටිය නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාල, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයට ඔබගේ පරිත්‍යාග ලබාදිය හැකි වනවා.