විගණන වාර්තා දිගු කාලිනව ප්‍රමාද කිරීම ජනතාවට සිදුකරන වැරැද්දක් බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඒ අනුව ඊට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.
පාර්ලිමේන්තු කාරක සභාවල පවතින ගැටළු විසදිමට කටයුතු කරන ලෙසටයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා.
මේ අතර විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
එහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ මේ වනවිට විදුහල්පති පුරප්පාඩු 3,152 ක ප්‍රමාණයක් පවතින බවයි.
ඒ අනුව පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා නව බදවා ගැනීම්වලට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.



