ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නොනිදන අරගලයක් අද ආරම්භ කරන බව පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් සංගමය පවසනවා.

එහි ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ වසර 06කට වැඩි කාලයක් පාසල් දරුවන් වෙනුවෙන් ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරතව සිටි පාසල් සංවර්ධන නිලධාරීන් ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාවලියට එරෙහිව එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා.