Published
දෙහිවල සිරි සඟ බෝ ප්රදේශයේ නිවසකට අද අලුයම අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
එහිදී නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අවුරුදු 11ක් සහ අවුරුදු 17ක් වයසැති ළමුන් දෙදෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අත්බෝම්බ ප්රහාරයෙන් එම දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අදාළ නිවසේ රැදී සිට ඇත්තේ කොස් මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ පාර්ශවයේ හිතවතුන් බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙම අත්බෝම්බ ප්රහාරය කූඩු අංජුගේ පාර්ශවයේ සාමාජිකයෙකු විසින් එල්ල කර ඇති බවට පොලීසිය සැක කෙරෙනවා.
අත්බෝම්බ ප්රහාරය එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.




