Published
බගවන්තලාව පොලිස් ස්ථානය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු එම ස්ථානයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ නතර කර තිබූ ලොරි රථයක පෞද්ගලික බස් රථයක් ගැටී ලොරි රථයේ පැමිණි එම තරුණයා එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔහු බගවන්තලාව ප්රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.
බස් රථ රියදුරා ගමන් වාරය ආරම්භ කිරිම සදහා බස් රථය පණ ගන්වා රියදුරු අසුනෙන් බැස ගොස් සිටියදී බස් රථය ඉදිරියට ධාවනය වී ලොරි රථයේ ගැටී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.




