Published
බෙන්තොට, ජනාධිපති නිවාඩු නිකේතනය ඉදිරිපිට මුහුදු තීරයේදී සංචාරකයින් රැගෙන පියාසර කරමින් තිබූ පැරා මෝටර් යන්ත්‍රයක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදට කඩා වැටීමෙන් අනතුරකින් පලස්තීන ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී යන්ත්‍රයේ නියමුවා ලෙස කටයුතු කළ කොලොම්බියානු ජාතික ජොනතන් රෙස්ට්‍රෙපෝ ලෝපේස් (Restrepo Lopez Johnatan) නමැත්තා දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේවෙතත්, එහි ගමන් ගත් මනාල් ඉබ්‍රාහිම් (Manal Ibrahim) නමැති පලස්තීන ජාතික කාන්තාව යන්ත්‍රය ද සමග මුහුදට වැටී අතුරුදහන්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සෙවුම් මෙහෙයුම්වලින් පසුව සොයාගත් ඇගේ සිරුර මේ වන විට කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.




