ත්‍රී රෝද රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නව ගාලු‍ පාර කොරලවැල්ල ප්‍රදේශයේදීයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු කොම්පඤ්ඤ විදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 02 ගෑම් 160 ක් සොයා ගෙන තිබෙනවා.

ඒවා ප්‍රවාහනයට යොදා ගත් ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගැණුනා.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් 01 කණ්ඩායමට ලද තොරතුරකට අනුව එම බලකායේ සංක්‍රාමික යතුරුපැදී ඒකකය සමග එක්ව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කේරළ ගංජා තොගය සහ ත්‍රීරෝද රථය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා එගොඩ උයන පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.