එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද ආරම්භ වනවා. ඒ, ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදීයි. එම සැසිය අද උදෑසන ආරම්භ වීමට නියමිතයි. සැසිය ආරම්භ කිරීමේ දේශනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් සිදුකරන බවයි එම කවුන්සිලය නිවේදනය කළේ. සැසිය අතරතුර, අන්තර්ක්‍රියාකාරී සංවාද 28ක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා. එය අනෙකුත් මාතෘකා අතර, න්‍යාය පත්‍ර අයිතමය II යටතේ මියන්මාරය සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහකොමසාරිස්වරයා සමඟ සංවාද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව යටතේ ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ. සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, ඒකපාර්ශ්වික බලහත්කාර පියවර, අන්තර් ලිංගික පුද්ගලයින්ට එරෙහිව සිදුවන වෙනස්කම් සහ ප්‍රචණ්ඩත්වය, තරුණයින් සහ මානව හිමිකම්, ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ දෘෂ්ටිකෝණය පිළිබඳ සාකච්ඡා පහක් පැවැත්විමටද සැලසුම් කර තිබෙනවා. න්‍යාය පත්‍රයේ දෙවන අයිතමය යටතේ මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, සුඩානය සහ නැගෙනහිර ජෙරුසලම ඇතුළු පලස්තීනයේ සහ සිරියාවේ මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතයි. සැසිවාරය අවසානයේදී, කවුන්සිලය එහි උපදේශක කමිටුවේ සාමාජිකයින් හත් දෙනෙකු තෝරාපත් කරගනු ලබන බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා. අදින් ඇරඹෙන ජිනීවා සැසිවාරය ඔක්තෝබර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර මෙම සැසියට සහභාගි වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ජිනීවා බලා පිටත්ව ගියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. මෙම සංචාරය අතරතුර ජිනීවා නුවර දී අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙක් සමඟද ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. Published